Sunday, January 15, 2012

සැලෙන මගෙ හදවත

සැලෙන මගෙ හදවත
තැවෙන මගෙ හිත රිදවන,
ඔය හිත කෙබඳුද නොදනිමි
හදට නැගෙන සිතුවිලි,
මුවට නැගෙන හසරැලි.
බොඳ කරන ඔය හිත...
නොදනිමි කෙලෙස ද
පැමිණියේ හදවතට....

Distance

The furthest distance
is not between life & death,
but when i'm beside you
yet you can't see me...

Friday, January 6, 2012

කිරිල්ලියක වී....

කිරිල්ලියක වී
ඉගිලෙන්නම්
ඔබ සොයමින්
අත්තටු රිදෙන තුරු,

පෙරුම් පුරමින්
බලා හිඳින්නම්
ඔබ එනතෙක්
නෙතු පියන් බොඳවෙන තුරු,

සිත සිතා
දුක් වෙන්නම්
ඔබ ගැන
සිත විලාප නගන තුරු,

ජිවිතේ තියනකල්
ආදරේ කරන්නම්
ඔබේ හදට
දැනෙනා තුරු....

අප්පච්චී

ජීවිතය ජීවත් කරවන
ජීවයද නුඹය....
දුක මකාලන
සතුටද නුඹය....
ජීවිතයට දිරිය දෙන
ශක්තියද නුඹය...
මහ මුහුදක් මෙන් දහදිය වැගිරූ
හිරුද නුඹය...
ඔබේ සෙනෙහසේ උස පවසන්නේ
කෙලෙසද අප්පච්චී....

Tuesday, January 3, 2012

අම්මා...

හිරු මෙන් පායන
සඳ මෙන් බබලන ඔබ
අමරණීයයි අම්මේ....
ගංගාවක් මහ මුහුදක් ලෙස
ජීවිතයට සිසිල දෙන ඔබ
පිළිරුවකි අම්මේ....
නිසොල්මන් ව සිට
අප ජීවිතය සරසන ඔබේ ගුණ
අනන්තයි අම්මේ....
මහපොළව පෝෂණය කරන
වැහි පොද මෙන්
අප පෝෂණය කළ ඔබේ
කිරි සුවඳ සදාකාලිකයි අම්මේ....
මේ මහා විශ්වය තරම් වූ
ඒ ණය ගෙවන්නේ කෙසේද මා
කියන්න අම්මේ........
                    මම හිතනවා ඔයාල හැමකෙනෙක් ම විවේකයෙන් ඉන්න වෙලාවට කවියක් නිසදසක් කියවන්න ගොඩක් කැමතියි කියල. මොකද විවේකය කියල කියන්නෙ, ගතට වගේ ම සිතටත් නිදහසක් ලබා දෙන වෙලාවක් .ඉතින් ඒ වෙලාවට කියවල රස විඳින්න වගේ ම සිතට සැහැල්ලුවක්, සැනසීමක් ලබා ගැනීමට පුංචි උදව්වක් කිරීම තමයි මගේ බ්ලොග් අඩවියේ අරමුණ. මම ඔයාලට ආරාධනා කරනවා මම post කරල තියන නිසඳැස් කියවල රසවිඳින්න කියල..